Tuesday, November 27, 2018

අාදර පන්හිද

රසබර තැන්




අරගල

අරගල

........................?
බල අරගල
අතරින් පතර
හිස්තැන්වලටත්
ප්‍රජාතන්ත්‍රවාදය...?

දුල්
සංචාරක ජීවිතේ හිස් තැනක් නැති තනිරූල් පොතක් වගේ. හරි ලස්සනට ඒ පේළි උඩ හරිම ලස්සන අත්දැකීම් රාශියක් ලියවෙනවා. වැරදෙන්නේ නැතුව හරි දේ තෝරගන්න, වැටුණම නැගිටින්න ඒ අත්දැකීම් ජීවිතේට හරිම ප්‍රයෝජනවත්. මගේ ජීවිතේ මගේ විනෝදාංශයන් අතරේ ඉහළම තැනක් තියෙන දෙයක් තමයි ඇවිදීම. ලංකාව වටේම. ඉතින් මගේ blog එකේ මං ඉඩ වෙන්කරෙත් මගේ ආදරණීය සංචාරයේ රස තැන් බෙදාගන්න




වර්තමාන මිනිසා සහ සමාජය

වර්තමාන ලෝකය,මිනිස් වර්ගයාගේ සිග්‍ර දියුණුවේ බලපෑමට යටත්ව වෙනස් මාවතක් ඔස්සේ පියනගන්න්ට පටන්ගෙන අැත.මුලු ලෝකයම විශ්ව ගම්මානයක් ලෙස ගෝලීයකරණය වාග්මූලය කරගනිමින් සියලු ලෝක වාසීන් එකම ජාලයක් තුල එකිනෙකා සම්බන්ධ කිරීමට එසේ දියුණු වුනු මානව මොලයට අද වන විට හැකියාව ලැබී අැත .හුදෙක් එය වැරදි හෝ නිවැරැදි බව තහවුරු කිරීම කල නොහැක්කකි.කිමද එය තීරණය කල හැක්කේ සාපේක්ෂතාවය අනුවයි.මෙසේ සිතමු.පිහියක් නිවසකට අනිවාර්ය මෙවලමකි.නමුත් පිහියෙන් කපනුයේ එලවලුද පලතුරු ද එසේ නැති නම් බෙල්ලද යන වග තීරණය කරනුයේ පිහිය භාවිතා කරන්නා මිස පිහියේ නිර්මාර්තු වරයා නොවන්නේය.වර්තමාන තාක්ෂණය ද එලෙසමය.එය භාවිතාකරන්නාගේ පරිශීලනයේ රුච්කත්‍වය මත, තාක්ශනය විවිධ අයුරින් අර්ත ගැන්වීමේ හැකයාව අැත.
         
         මා සිතන අයුරින් නම්, වර්තමාන තුල තාක්ෂණය පිලිබඳ නොදැන සිටින්න අනුවනයෙකි.එසේ වූ පුද්ගලය,ලිං කටින් ගොඩ ආ නොහැකි මැඩියෙක් වැනි ය.කිමද යත් එම මැඩියා නිතිපතා දකිනුයේ අදුරම පමණි.බොහෝ විට ශ්‍රි ලංකාව වැනි රටක් පසුබෑමට ලක්ව අැත්තෙ හුදෙක් ශ්‍රි ලාංකික මිනිසාගේ මොලයේ ක්‍රියාකාරිත්වය මද බවක් නිසා නමි නොව.බොහෝ මිනිසුන්ගේ පුහු අදහස් හා ආකල්ප තවමත් අප සමාජයේ මුල් බැසගෙන පවතින්නක් නිසාවෙන් බව මාගේ මතයයි.බොහෝ විට ඔබ එයට එකග නොවේවි.ඔබ කියාවි තාක්ෂණය යනු දරුවන් රවටන මාරයෙකු බව.නමුත් එය මාරයෙක් කරගනුයේ අන් කිසිවෙකු නොව අපමය.බොහෝ විට දෙමාපියන් උත්සාහ කරනුයේ දරුවා තාක්ෂණයෙන් තොර කර ඉගෙනුම් මානසිකත්වයට අැද දැමීම පමණි.නමුත් සිදුවිය යුත්තේ දියුණු වෙමින් පවතින ලෝකය සමඟ තරගකාරී ලෙස ඉදිරියට යාමට දරුවා හුරු කිරීමයි.එ සමගම දරුවාගේ යහපත් ආකල්ප ද එලෙසින්ම වැඩීමටද දෙමාපියන්ගෙ යුතුකමකි.එසේ නොවුනහොත් දිනක සමාජය තුල දරුවන් මුහුනපාන්නේ ඉතා අසරණ තත්ත්වයකටයි.දරුවන් හොද හෝ නරක වෙන් කර හදුනා ගැනීමට නම්,හොද නරක යනු මොනවාදැයි දැන සිටිය යුතුයි.යහපත් හා අයහපත් දෙපාර්ශවය පිලිබඳවම දරුවාගේ අවබෝධය වැඩි කිරීම වර්තමාන වැඩිහිටි පරම්පරාවෙ යුතුකමක් හා වගකීමක් වන බව මට සිතේ.එය කෙසේ වුවද දැල්වෙන ඉටිපන්දම් එලියට රවටුනු පලගෙටියන් ඉටිපන්දම් දැල්ලෙන්ම විනාශ වී යාවි.නමුත් අවසානයේ ඉටිපන්දම එයට වගකිව යුතුද?


             

සුන්දර සෙම්බුවත්ත

       දුම්බර කඳුවැටියේ සොඳුරු නවාතැන ‘සෙම්බුවත්ත’
දුම්බර කඳුවැටියෙන් වටවු මාතලේ නගරය ශීත දේශගුණයකට උරුමකම් කියන, සංචාරක
ආකර්ෂණය බහුල වු ප්‍රදේශයකි. සොබා සෞන්දර්යයේ දායාදයක් බදු වූ ‘සෙම්බුවත්ත’ නම් සොදුරු
ඉසව්ව පරිසර අලංකාරය කදිමට පෙන්නුම් කරන ස්ථානයකි. ඇල්කඩුව වතුයායේ සරු තේ යායකට
සහ ෆයිනස් යායකට මැදිව මෙම සෙම්බුවත්ත වැව පිහිටා තිබේ.
        මෙම ස්ථානයේ අතීතය පිරික්සා බැලීමේදී යටත් විජිත සමයේ ඉංග්‍රිසීන් විසින් මෙහි තේ වගා කර
තිබේ. ඔවුන් එම සමයේ දී විනෝද වීම සඳහා වර්තමානයේ වැව තිබෙන භූමිය පෝලෝ
ක්‍රීඩාංගනයක් ලෙස භාවිතා කොට තිබේ. වර්ෂ 1949 දී මෙම ස්ථානයට යාබදව තේ කර්මාන්ත
ශාලාවක් නිර්මාණය කොට ඇතිඅතර, ඒ සඳහා විදුලිය ලබා ගැනීමට පෝලෝ ක්‍රීඩාංගනය තුළ
වැවක් නිර්මාණය කොට තිබේ.
        2005 වර්ෂයේ ඇල්කඩුව වතුයායේ සේවයට පැමිණි රැඞ්ලි දිසානායක නම් වතු අධිකාරිවරයාගේ
සංකල්පයකට අනුව මෙය සංචාරක පුරවරයක් ලෙස නිර්මාණය කර සංචාරකයන් අතර ප්‍රචලිත
කොට තිබේ. පසුව මෙම ස්ථානය නැරඹීමට, විනෝදවීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන්
ලබා ගන්නා ආදායම මෙහි නඩත්තු කටයුතු සඳහා යොදවයි.


        මෙම සංචාරක පුරවරය සෑදීමට ප්‍රථමව එම ස්ථානය පිළිබඳව ගවේෂණයක යෙදුණු විටදී තේ
කම්හල අසල ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වී ඇති අතර එය සිහිවීම පිණිස කෝවිලක් ඉදිකර
ඇති බව එහිදී අනාවරණය වී තිබේ. කාලයාගේ ඇවෑමෙන් සෙම්බුවත්ත එහි ජීවත්වන්නන්ට පමණක්
සීමා වී තිබීම විශේෂත්වයකි.
        2005 වර්ෂය දක්වා ‘හපුවිද ඩිවිෂන්’ ලෙස හැඳින්වු මෙම ප්‍රදේශය ‘සෙම්බුවත්ත’ ලෙස නම් කොට
ස්වභාවික පරිසරය මනාව නඩත්තු කිරීමට වතු අධිකාරිවරයා පියවර ගෙන තිබේ. වර්තමානය වන
විට වැව අවට ගිම්හාන කුටි 10 කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිකොට තිබේ. එමෙන්ම, ළමුන් සඳහා
විනෝදවිය හැකි සියලුම පහසුකම් වලින් සපිරි විනෝද උයනක්ද නිර්මාණය කිරීමට පාලන අධිකාරිය
පියවර ගෙන තිබේ. වැවේ ගැඹුර අඩි 35 ක් පමණ වන හෙයින් දිය නෑමට අවස්ථාව සලසා නොමැති
අතර උල්පත් ජලයෙන් යුතු අඞ් 05 ක පමණ නාන තටාකයක් වැව අද්දරින්ම නිර්මාණය කොට තිබේ.
මෙම ස්ථානයේ තිබෙන සුන්දරත්වය නිසාම ටෙලිනාට්‍ය මෙන්ම රූප රචනා සඳහා ද යොදා ගන්නා,
මනරම් දසුන්වලින් පිරි ස්ථානයක් බව නිපදවෙන දෑ තුළින් මනාව ඉස්මතු වේ.


         තවද, බොහෝ විදෙස් ජාතිකයන් මෙම ස්ථානයේ සුන්දරත්වය විදීමට ප්‍රියතාවක් දක්වන අතර දිනෙන්
දින මේ වෙත ඇදී එයි. මේ පුංචි දිවයිනේ මෙවැනි ස්වභාලංකෘත නමුත් එතරම් ප්‍රසිද්ධියක්
නොඋසුලන ස්ථාන කොපමණ නම් තිබේද යන්න ‘සෙම්බුවත්ත’ නම් මෙම සොදුරු ඉසව්ව තරණයේ දී
මනාව පසක් වේ.


මාවතේ කොනක
අදුරු වී මුලු ගැහී
සිටින නුඹ කවුරුන්ද
කොයින් බට කෙනෙක් වී ද
කා නිසා කෙසේ ඔබ
මෙසේ වි ද අද දිනේ
දරුවන්ගේ කුසගින්න
නිවාලන්නට ද මෙය.......

නෙක වර්ණ සායමෙන්
නා දල්ල සගවමින්
නිලැසි නුබේ නුවන් යුග
දුකින් මැලවී ගිහින්
පිවිතුරුව රැකගත්ත ජීවිතයේ වටින සැම
සලලුන්ට පුදන්න ද
නුබේ සිත ලතවෙන්නේ......

අදුරු කුටියක් තුල දී
එකින් එක උනා දැමු
තම වස්ත්‍ර අහුලමින්
කිමද නුබ සොයන සැප
අයාලේ ගිය ද ගත
සිත නුබගේ ගිලන්වය.....

දරු පෙමින් සිත පුරවා
කුසගින්න නිවන්නට
නැත ද නුබ හට සිතුනේ
අන් මගක් සොයන්නට

කුරිරු වූ ලෝකයා
ගිලගන්න සැරසෙත් ම
නැගනියනි සිතන්නට තිබුණාය තව වරක්.....

අදත් නුබ දොඩමළු ය
හෙටත් එය එසේමය
දරුවන්ගේ කුසගින්න
නිවා පමණක් සරි ද?????

හිරි ඔතප් සලු උනා
සලලුන්ට පුදන්නට
පෙර නුබ ට සිතන්නට
තිබුණා ය සිතන්නට.................

Free Period

හිස් පීරියඩ් එක

වට රවුමේ ඉදගෙන
කතා කරමින් හිදින විට
සුළං ඇවිදින් කියයි පියාඹන්නට
මල් උයන් තණබිම්
සමනලුන් මවමින්
සිත පතයි අවසර තටු ලබන්නට
විශය නිර්දේශය
කඩයිම් ළකුණු නැවත
නැවත නැවතත් සිතට
සිහි කැදවයි අපට
උ.පෙ. ඇත අත ළග බව

දුල්

තිත්ත මිදි

සතු කර ගන්නට නොහැකි වූ විට
කියයි බොහෝ පිරිමි
මිදි තිත්ත බව....
නමුත් දනියි ඔවුන්ගේ හෘදසාක්ෂිය
තමා හුදු නරියාම බව. 

නව මාධ්‍ය සහ මිනිසා

       අතීත මිනිසා සාම්ප්‍රදායික මාධ්‍ය මඟින් සන්නිවේදනය සිදු කිරීමෙන් පසුව මිනිසාගේම අවශ්‍යතාවයන් සඳහා සන්නිවේදන ක්‍රියාවලිය දියුණු කිරීම අරමුණු කොටගෙන නූතන මාධ්‍ය සොයා ගනු ලැබුවේය. නූතන මාධ්‍ය වූ රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත්පත් මඟින් සිදු වූ සන්නිවේදනයද දීර්ඝ කර ගනිමින් නව මාධ්‍ය ඔස්සේ සන්නිවේදනයට පෙළඹුනු මිනිසා ඒ ඔස්සේ සන්නිවේදන හැකියාවන් වඩ වඩාත් දියුණු කරගනු ලැබීය. මෙම නව මාධ්‍ය යනු අන්තර්ජාලය සහ පරිගණකය යොදා ගනිමින් සන්නිවේදනය සිදු කරන මාධ්‍යයන්ය. මෙයට උදාරහණ ලෙස වෙබ් අඩවි, බ්ලොග්, සමාජ ජාල වෙබ් අඩවි ආදිය ගත හැකිය. පරිගණකය මඟින් පමණක් නොව අප අතැති ස්මාට් ජංගම දුරකතනය පවා වර්තමානයේදී නව මාධ්‍යන්ට පිවිසීමට යොදා ගත හැකිය.




         තාක්ෂණයේ දියුණුවත් සමඟම බිහිවූ නව මාධ්‍ය, 21 වන සියවසෙහි ප්‍රබලතම තොරතුරු මාධ්‍ය ලෙස දැක්විය හැකිය. මුලු ලොවම තම අත්ල මත රැගෙන යා හැකි තරමටම අද වන විට නව මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරුව දියුණු වී තිබේ. නව මාධ්‍ය හරහා බොහෝ පුද්ගලයන්ගේ චර්යා, ආකල්ප වලට සිදුවු බලපෑම අති විශාලය. මෙලෙස මේ හරහා සිදු වන කාර්යය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
 
     නව මාධ්‍ය හරහා සිදු වන තොරතුරු හුවමාරු ක්‍රියාවලිය මෙහිදී වැදගත් ස්ථානයක් ගනු ලබයි. ඒ අනුව ලොව ඕනෑම ස්ථානයක සිදුවන සිදුවීමක් අපට එසැනින් දැන ගැනීමට හැකිවීම සුවිශේෂී වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයක සිදුවන ස්වභාවික විපතක් පවා අන්තර්ජාලය ඔස්සේ එසැනින් දැනගැනීමට හැකිවීම දැක්විය හැකිය.

      එසේම මිනිසාගේ බොහෝමයක් අවශ්‍යතාවයන් පවා ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවීමද තවත් සුවිශේෂී කරුණකි. නිදසුනක් ලෙස ලොව ඉහළතම වෙළඳ නිශ්පාදන පවා online shopping හරහා තම නිවස ඉදිරිපිටටම ගෙන්වා ගැනීමට හැකි වීම දැක්විය හැක. මීට අමතරව ආහාර පාන, ගෘහ භාණ්ඩ සහ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය බොහෝමයක් ද්‍රව්‍යන් තම නිවසටම ගෙන්වා ගැනීමට හැකි වී තිබේ.

      සමාජ ජාල වෙබ් අඩවි හරහා මිතුරන් හඳුනා ගැනීමට හැකිවීම, දුර බැහැර සිට්න තම නෑදෑ හිතමිතුරන් සමඟ පවා සබඳතා පැවැත්වීමට හැකිවීම නව මාධ්‍යයේ තවත් එක් ප්‍රවනතාවයකි.
    
       දැනුම ගවේෂණය කරන්නෙකුට අන්තර්ජාලය මෙන් විශ්වකොෂයක් නොමැත. මන්ද යත් අන්තර්ජාලය යනු ලොව සියලු දැනුම එක් වු ස්ථානයක් වන බැවිනි. මෙම නව මාධ්‍ය භාවිතයේදී පුද්ගලයා එය තමාට වැඩදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීමට වගබලා ගත යුතුය. මන්ද යත් ඉහත සඳහන් යහපත් තත්වයන් මෙන්ම අයහපත් තත්වයන් බොහෝමයක් ද අන්තර්ජාලය  සහ නව මාධ්‍ය ඔස්සේ ග්‍රාහක ගත වීමට අවස්ථාව වැඩි හෙයිනි. මේ නිසා නව මාධ්‍ය භාවිතා කරන්නා ධනවත් මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතු පුද්ගලයෙකු විය යුතුය.

The Dangers of the Internet


We use internet in our day to day life. As the people of modern world we must know about the effects of internet.

අාදර පන්හිද