ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා..
.
හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ..
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ..
.
නිල් කටරොලු නිල නැහැවුනු
මල්ගව මුදු සුව රැඳවුනු
තොල් පෙතිකැන් හැලදාලන ආදරයද මේ..
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..
No comments:
Post a Comment