Tuesday, November 27, 2018
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා..
.
හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ..
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ..
.
නිල් කටරොලු නිල නැහැවුනු
මල්ගව මුදු සුව රැඳවුනු
තොල් පෙතිකැන් හැලදාලන ආදරයද මේ..
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..
Subscribe to:
Post Comments (Atom)
-
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.. . හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් ...
-
මාවතේ කොනක අදුරු වී මුලු ගැහී සිටින නුඹ කවුරුන්ද කොයින් බට කෙනෙක් වී ද කා නිසා කෙසේ ඔබ මෙසේ වි ද අද දිනේ දරුවන්ගේ කුසගින්න නිවාලන්නට ...
No comments:
Post a Comment