Tuesday, November 27, 2018

Advantages of Social Media


In modern world most of the people connect with social media. As the social media users we must know about the advantages of social media. It helps us to use it in right way.
පාඩම් අතරේ අතරමං වූ විද්‍යාර්ථීයා

 ශ්‍රී ලාංකේය නූතන විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයා වනාහී අධ්‍යාපනයේ නිම් වලලු පුලුල් කරගනිමින් විවිධ නිෂ්පාදන සිද්ධ කරන අයෙක් යැයි සිතීම හුදෙක් විහිලුවට ලක්වන කාරණයක් බැව් දන්නේ සැබවින්ම වර්තමානයේ ඉගෙනුම ලබන සිසුවා ය.අතිශය රාජකාරී මැද පාඩම් කරන නූතන විද්‍යාර්ථීයා වනාහී ආතතියෙන් පෙලෙන්නන් බව ඔවුහු අධ්‍යනය කිරීමේදී පෙනෙන කාරණයයි.අසාධාරණ අතපෙවීම්,මර්දනය කිරීම් මෙන්ම ඉක් බවක් නොමැතිව කටපාඩම් කරවන සිද්ධාන්ත හේතුවෙන් ප්‍රායෝගික කර්තව්‍යයක නිරතවන්නට අවස්ථාවක් නොලබන මොවුන් ඉබාගාතේ සැරිසරති.එක් අතකින් තම අනාගතය හා ඉගෙනීමේ නිසි අයිතිය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ ඇස් ඇරවීමට ඔවුන්ටද උවමනවාක් නැත්තා සේය.එහෙයින් සියල්ලෝගේම ඇස් ඇරේවා යන්න මාගේ අවසන් ප්‍රාර්ථනයයි.
ගිමන් හරින දියඹ ⁣දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.. . හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.. හිරු රහසේ කියා දුන්න ආදරය⁣ද මේ.. . නිල් කටරොලු නිල නැහැවුනු මල්ගව මුදු සුව රැඳවුනු තොල් පෙතිකැන් හැලදාලන ආදරයද මේ.. නුඹ රහසේ කියා⁣දුන්නු ආදරයද මේ..

අාදර පන්හිද