අතීත මිනිසා සාම්ප්‍රදායික මාධ්‍ය මඟින් සන්නිවේදනය සිදු කිරීමෙන් පසුව මිනිසාගේම අවශ්‍යතාවයන් සඳහා සන්නිවේදන ක්‍රියාවලිය දියුණු කිරීම අරමුණු කොටගෙන නූතන මාධ්‍ය සොයා ගනු ලැබුවේය. නූතන මාධ්‍ය වූ රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත්පත් මඟින් සිදු වූ සන්නිවේදනයද දීර්ඝ කර ගනිමින් නව මාධ්‍ය ඔස්සේ සන්නිවේදනයට පෙළඹුනු මිනිසා ඒ ඔස්සේ සන්නිවේදන හැකියාවන් වඩ වඩාත් දියුණු කරගනු ලැබීය. මෙම නව මාධ්‍ය යනු අන්තර්ජාලය සහ පරිගණකය යොදා ගනිමින් සන්නිවේදනය සිදු කරන මාධ්‍යයන්ය. මෙයට උදාරහණ ලෙස වෙබ් අඩවි, බ්ලොග්, සමාජ ජාල වෙබ් අඩවි ආදිය ගත හැකිය. පරිගණකය මඟින් පමණක් නොව අප අතැති ස්මාට් ජංගම දුරකතනය පවා වර්තමානයේදී නව මාධ්‍යන්ට පිවිසීමට යොදා ගත හැකිය.
නව මාධ්‍ය හරහා සිදු වන තොරතුරු හුවමාරු ක්‍රියාවලිය මෙහිදී වැදගත් ස්ථානයක් ගනු ලබයි. ඒ අනුව ලොව ඕනෑම ස්ථානයක සිදුවන සිදුවීමක් අපට එසැනින් දැන ගැනීමට හැකිවීම සුවිශේෂී වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයක සිදුවන ස්වභාවික විපතක් පවා අන්තර්ජාලය ඔස්සේ එසැනින් දැනගැනීමට හැකිවීම දැක්විය හැකිය.
එසේම මිනිසාගේ බොහෝමයක් අවශ්‍යතාවයන් පවා ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවීමද තවත් සුවිශේෂී කරුණකි. නිදසුනක් ලෙස ලොව ඉහළතම වෙළඳ නිශ්පාදන පවා online shopping හරහා තම නිවස ඉදිරිපිටටම ගෙන්වා ගැනීමට හැකි වීම දැක්විය හැක. මීට අමතරව ආහාර පාන, ගෘහ භාණ්ඩ සහ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය බොහෝමයක් ද්‍රව්‍යන් තම නිවසටම ගෙන්වා ගැනීමට හැකි වී තිබේ.
සමාජ ජාල වෙබ් අඩවි හරහා මිතුරන් හඳුනා ගැනීමට හැකිවීම, දුර බැහැර සිට්න තම නෑදෑ හිතමිතුරන් සමඟ පවා සබඳතා පැවැත්වීමට හැකිවීම නව මාධ්‍යයේ තවත් එක් ප්‍රවනතාවයකි.
දැනුම ගවේෂණය කරන්නෙකුට අන්තර්ජාලය මෙන් විශ්වකොෂයක් නොමැත. මන්ද යත් අන්තර්ජාලය යනු ලොව සියලු දැනුම එක් වු ස්ථානයක් වන බැවිනි. මෙම නව මාධ්‍ය භාවිතයේදී පුද්ගලයා එය තමාට වැඩදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීමට වගබලා ගත යුතුය. මන්ද යත් ඉහත සඳහන් යහපත් තත්වයන් මෙන්ම අයහපත් තත්වයන් බොහෝමයක් ද අන්තර්ජාලය සහ නව මාධ්‍ය ඔස්සේ ග්‍රාහක ගත වීමට අවස්ථාව වැඩි හෙයිනි. මේ නිසා නව මාධ්‍ය භාවිතා කරන්නා ධනවත් මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතු පුද්ගලයෙකු විය යුතුය.
තාක්ෂණයේ දියුණුවත් සමඟම බිහිවූ නව මාධ්‍ය, 21 වන සියවසෙහි ප්‍රබලතම තොරතුරු මාධ්‍ය ලෙස දැක්විය හැකිය. මුලු ලොවම තම අත්ල මත රැගෙන යා හැකි තරමටම අද වන විට නව මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරුව දියුණු වී තිබේ. නව මාධ්‍ය හරහා බොහෝ පුද්ගලයන්ගේ චර්යා, ආකල්ප වලට සිදුවු බලපෑම අති විශාලය. මෙලෙස මේ හරහා සිදු වන කාර්යය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
නව මාධ්‍ය හරහා සිදු වන තොරතුරු හුවමාරු ක්‍රියාවලිය මෙහිදී වැදගත් ස්ථානයක් ගනු ලබයි. ඒ අනුව ලොව ඕනෑම ස්ථානයක සිදුවන සිදුවීමක් අපට එසැනින් දැන ගැනීමට හැකිවීම සුවිශේෂී වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයක සිදුවන ස්වභාවික විපතක් පවා අන්තර්ජාලය ඔස්සේ එසැනින් දැනගැනීමට හැකිවීම දැක්විය හැකිය.
එසේම මිනිසාගේ බොහෝමයක් අවශ්‍යතාවයන් පවා ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවීමද තවත් සුවිශේෂී කරුණකි. නිදසුනක් ලෙස ලොව ඉහළතම වෙළඳ නිශ්පාදන පවා online shopping හරහා තම නිවස ඉදිරිපිටටම ගෙන්වා ගැනීමට හැකි වීම දැක්විය හැක. මීට අමතරව ආහාර පාන, ගෘහ භාණ්ඩ සහ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය බොහෝමයක් ද්‍රව්‍යන් තම නිවසටම ගෙන්වා ගැනීමට හැකි වී තිබේ.
සමාජ ජාල වෙබ් අඩවි හරහා මිතුරන් හඳුනා ගැනීමට හැකිවීම, දුර බැහැර සිට්න තම නෑදෑ හිතමිතුරන් සමඟ පවා සබඳතා පැවැත්වීමට හැකිවීම නව මාධ්‍යයේ තවත් එක් ප්‍රවනතාවයකි.
දැනුම ගවේෂණය කරන්නෙකුට අන්තර්ජාලය මෙන් විශ්වකොෂයක් නොමැත. මන්ද යත් අන්තර්ජාලය යනු ලොව සියලු දැනුම එක් වු ස්ථානයක් වන බැවිනි. මෙම නව මාධ්‍ය භාවිතයේදී පුද්ගලයා එය තමාට වැඩදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීමට වගබලා ගත යුතුය. මන්ද යත් ඉහත සඳහන් යහපත් තත්වයන් මෙන්ම අයහපත් තත්වයන් බොහෝමයක් ද අන්තර්ජාලය සහ නව මාධ්‍ය ඔස්සේ ග්‍රාහක ගත වීමට අවස්ථාව වැඩි හෙයිනි. මේ නිසා නව මාධ්‍ය භාවිතා කරන්නා ධනවත් මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතු පුද්ගලයෙකු විය යුතුය.
Good job
ReplyDeleteThank you 👍
DeleteWell done👌
ReplyDeleteThank you
Deletegod job kavindi
ReplyDelete